Friday, July 1, 2016

"මිනිස්සු"

ඔක්කොම එක වගේලු
හැමෝම අැට, මස්, ලේ, නහර වලින්ලු හැදිල තියෙන්නේ...

ඒ විදියට හැමෝගෙම ශරීරයේ සංයුතිය එකක් වුනාට හදවතින එකිනෙකා ගොඩක් වෙනස්....

එක්කෙනෙක් ගොඩාක් හාෙඳ වෙන්නත් තවත් කෙනෙක් නරක වෙන්නත් එයාල හිතන විදිය, ජීවත්වන පරිසරය, අාශ්‍රය කරන අයගෙ ස්වභාවය මේ වගේ ගෙඩක් දේවල් බලපානවා. ඒත් කව්රැහරි කෙනෙක්ගෙ හැසිරීම්, හැඟීම් ඒ පුද්ගලයා වයසින් වර්ධනය වෙද්දිත් වෙනසක් වෙන්න නැත්නම් ඒ පුද්ගලයාගෙන් එයාටම හෝ සමාජයට  සිදුවන වැරදි වලට 85% වඩා වගකින්න වනිනෙ එම පුද්ගලයාටමයි. මොකද ජීවත්වන පරිසරය කොහොම වුවත් අාශ්‍රය කරන අය මොනවගේ වුනත් තමන්ගේ හරි තීරණ ගන්න හැම කෙනෙක්ටම ශක්තියක් තියෙන්න ඔනේ.

එහෙම ශක්තියක් නැති අය තමයි තමන්ගෙන් වන වැරදි වලට වෙන අයට චෝදනා කරන්නේ. එහෙම අය ගොඩක් වෙලාවට කියන්නේ "අපිට ඒක වැරදී කියන්න කෙනෙක් හිටියෙ නෑ.. , එයාලා හින්දා තමයි මෙහෙම උනේ..."

මේ වගේ කින්න ඉඩක් නොතියා තමතමන්ම තමන්ගෙන් වන පොඩි හරි වැරදි හදා ගත්තොත් කාටවත් චෝදනා කරන්න වෙන්නෙ නෑ නේද..?

-S

No comments:

Post a Comment